Temples of Sri Lanka

නිමාවක් නොවන කුසල් බලය

වර්තමාන සමාලයි උදාහරණයක් ලෙස වර්තමාන සමාජයේ විවිධ කෘමිනාශක ද්‍රව්‍යයන් පාවිච්චි කිරීමත් ප්‍රාණඝාත අකුසල කර්මයට අයත් වෙනවා. මේ ද්‍රව්‍යයන්ගෙන් සිදුවන්නේ සතුන් මරණයට පත්වෙන එක එවිට මෙන්න මේ ප්‍රමාණයට තමයි ප්‍රාණඝාතය කියන අකුසල කර්මය කියා කියන්නේ ඒ ප්‍රමාණයෙන්වලකිනවා නම් තමයි ඇත්තටම යමෙක් ප්‍රාණඝාත අකුසල කර්මයෙන් මම හරියටම නිදහස් වුණා කියා කියන්න පුළුවන් වෙන්නේ? බෝසතාණන් වහන්සේ අන්න ඒ ක්‍රමයට සංසාරේ ප්‍රාණඝාත කියන අකුසල කර්මයෙන් වැළකිලා ප්‍රාණඝාත යන අකුසල කර්මය අත්හැරලා සියුම් සත්වයෙක්වත් එනම් කුරා කුහුඹියෙක්වත් නොමරන තැනට උන්වහන්සේ කර්මය සිදුකර තිබෙනවා. බෝසතාණන් වහන්සේ නිහිත දන්ඩෝ දඬු ගැනීමේ ක්‍රියාවෙන් වැළකී නිහිත සත්තෝ ආයුධ ගැනීමෙනුත් වැලකී තියෙනවාඒ වගේම පව් කරන්න අවස්ථාවක් ආ විට හැකිලෙනවා. ඒ සඳහා උනන්දු වෙන්නේ නැහැ. උත්සුක වෙන්නෙ නැහැ ප්‍රීතියට පත්වෙන්නෙත් නැහැ. ලැජ්ජාවට පත්වෙනවා ආපස්සට එනව තමන්ගේ ක්‍රියාව නවත්වනවා

දයාපන්නෝ බෝසතාණන් වහන්සේ සියලු සත්වයින්ට කරුණාව දැක්වූවා දැක්වූවා. ඒ වගේම උන්වහන්සේ සියලු සත්වයින්ට හිතවත්ව අනුකම්පා සහිතව වාසය කිරීම සබ්බ පාන භූත හිතානුකම්පී විහාසයේ යනුවෙන් සඳහන් කරනවා. මෙයාකාරයට උන්වහන්සේ සංසාරේ ප්‍රාණඝාතයෙන් නිදහස් වෙලා තියෙන්නේ කොහොමද කියනව නම් ප්‍රාණඝාතයෙන් වැළකිලා විශේෂයෙන්ම වැළකිලා එනම් කටත්තා බෝධීන් වහන්සේ ඒ පුණ්‍ය කර්මය සිදු කළා. උපචිත්තා විශේෂයෙන් රැස් කළා. උපසත් උපසත්තා අධික ලෙස පුණ්‍ය කර්ම රැස් කළා. මහත් ලෙස එනම් පැතිරෙන ආකාරයෙන් උන්වහන්සේ පුණ්‍ය කර්ම රැස් කළා.සැතපුඤ්ඤ ලක්ෂණයෙන් යුතුව උන්වහන්සේ සංසාරයේ බොහෝ වාර ගණනාවක් මේ අකුසල කර්මයෙන් වැළකී තියෙනවා. මේ ප්‍රමාණයෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණු පුද්ගලයෙක් මරණයට පත් වූ පසු දිව්‍යලෝකයේ උප්පත්තිය ලබනවා. දිව්‍යලෝක උත්පත්තියෙන් පසු නැවතත් මහා පුරුෂ ලක්ෂණ තුනක් ලබනවා..ඒ කුසලයෙහි බලයයි…

ඒකයි කුසලයේ බලය නිමාවක් නොවන බව සඳහන් කළේ…

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X