Temples of Sri Lanka

ගෞරවණීය උපහාරයයි!

සමාජයට, ශාසනයට හා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ලා සිදු කළ අප්‍රමාණ සේවය අගයනු වස් තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අනුශාසක, මහා විහාර වංශික, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය අධිකරණ නායක ධූරන්දර, දඹදෙණිය බුද්ධ ශ්‍රාවක ත්‍රිපිටක ධර්මායතන පීඨයේ මහෝපාධ්‍යාය මහාචාර්ය අත්තන්ගනේ රතනපාලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ උදෙසා මියන්මාර් (බුරුම) රජය විසින් ගෞරව උපහර පිදීමේ මහා පුණ්‍යෝත්සවයක් සිදු කරන්නට යෙදුණි. රාජ්‍ය ගෞරව සහිතව 2024 මාර්තු 24 දින බුරුමයේ රැන්ගුන් නගරයේදී පැවැත්වූ රාජ්‍ය මහෝත්සවයේදී උන්වහන්සේ උදෙසා “අග්ගමහා පණ්ඩිත රාජ්‍ය ගෞරව සම්මානය” පිරිනමන්නට යෙදුණි. එමෙන්ම උන්වහන්සේට ආශිර්වාද හා උපහාර දක්වනු වස් 2024 මාර්තු මස 28 දින සවස 6ට රුවන්වැලි මහා සෑ පුද බිමේදී පුණ්‍ය උත්සවයක්ද පැවැත්වීමට නියමිතය. මෙවන් උත්තුංග කාර්‍යයන් තව තවත් සිදු කිරීමට උන්වහන්සේට ශක්තිය, ධෛර්යය හා නිදුක් නිරෝගී චිර ජීවනය බෞද්ධ සහෝදරත්ව පදනම ලෙස අපි ප්‍රාර්ථනා කරන්නෙමු!

සහෝදරත්වයෙන් එක්වෙමු 🙏

©buddhistbrotherhood.net

You might also like
en English
X
X