ගිහි ජීවිතයේ ලබාගත හැකි ඵල බොහෝයි…
සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන් ස්වාමීන් වහන්සේලාට පමණක් නෙමෙයි.
තවමත් ඉගෙන ගන්න අපිට වුනත්, රැකියාවක් කරන කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට වුනත්, විවාහ වී දරුවන් ලබා සිටින ඔබට වුනත් සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන්.
බුදු දහමේ සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම යනු නිර්වාණය සඳහා ගමන් කරන මාර්ගයේ පළමුවැනි පියවරයි. සෝවාන් පුද්ගලයා යනු සක්ඛායදිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහීන කළ පුද්ගලයා වේ.
බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පැමිණීමෙන් පසු අනිවාර්යෙන්ම මේ භවයේදී හෝ තවත් භව 7 ක් ඇතුළත දී නිර්වාණය අවබෝධ කර ගනී. රත්න සුත්‍රයේ එන න තේ භවං අට්ඨමං ආදියන්ති යනුවෙන් සඳහන් වන්නේ මේ අදහසයි. එසේම සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි ආත්ම 7 තුළදී පහත් හෝ දුක් සහිත (සත්ව, ප්‍රේත, නිරය) භවයක උපත නොලබයි. ඔවුන් බුද්ධ දේශනාව පිළිබඳ නොබිඳෙන ග්‍රහණයක් ලබාගෙන ඇත. එසේම තෙරුවන් (බුද්ධ, ධම්ම, සංඝ) කෙරෙහි අචල විශ්වාසයකින් යුක්තව ශීලය සපුරා සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම ඇස විවෘතව පවතින නිසා හොඳින් ධර්මය අවබෝධ කර ගැනීමට සමත්ය. සෝවාන් ඵලයට පැමිණිමේදි ප්‍රහීණ වන සංයෝජන නම්,
සෝතාපත්තිය සඳහා දුරු කළ යුතු සංයයෝජන.
සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නා සංයෝජන 3 ක් බිඳ දමයි. මේ සංයෝජන 3 සම්පූර්ණයෙන් දුරු කළ කල්හි සෝවාන් මගට පැමිණිය හැකි වේ.
සක්ඛාය දිට්ඨි
ශරිරය තුළ හැඟීම, දැනීම සහිත ස්ථිර ආත්මයක් හෝ භූතයෙක් වෙසේ යන මිත්‍යා විස්වාසය. ලව්කික වස්තූන් පිළිබඳ ඇති කරගන්න ඇල්ම. රුපය මමය මාගේය යනුවෙන්ද වේදනාව, සංඥාව, සංකාර, විඥාන යන මේ පංචස්කන්දය ම මමය මාගේය යනුවෙන් ගැනීමද සක්ඛාය දිට්ඨිහි ල්ක්ෂණය වේ. හේතු ඵල දහමට අනුව සක්ඛාය දිට්ඨිය දැඩිව ගැනීම නිසා ම අප මෙතෙක් සංසාරයේ දුක් විඳිමින් යන ගමන අවසන් කරගත නොහැකිව සිටින බව ප්‍රඥාවන්ත පුද්ගලයාට අවබෝධ කරගත හැක.
විචිකිච්චා
තෙරුවන් කෙරෙහි ඇති කරගන්න සැකය සහ අනාගත භව හා කර්මය පිළිබඳ සැකය. අකුසලයෙහි බැඳීමට ඇති කැමැත්ත .
ශීලබ්බත පරාමාස
උග්‍රතපසෙන් තොර විමුක්තිය ලබා ගත නොහැකි බවට පවතින මිත්‍යා විස්වාසය. ගව වෘත සුනක වෘත ආදී ශිල වෘත සමාදානය. ශීල සමාදානය බුදුන් වහන්සේ ලෝකයට පහලවන්නටත් පෙර සිටම පැවතුනි. නිවනට මග වන්නේ ශීල සමාදානය නොව ඉන්ද්රිය සංවරයයි
සෝතාපත්ති අංග
සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත්, කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැත. ඒ සඳහා සෝතාපත්ති අංග පිරිය යුතු වේ. සාරිපුත්ත රහතන්වහන්සේ විසින් වාදාරා බුදුන් වහන්සේ විසින් නිවැරදි යැයි අනුමත කර ඇති පරිදි සෝතිපත්ති අංග පහත පරිදි වේ.
1. සත්පුරිස සේවනය
සෝවාන් ආදී මගඵල ලාබින්ගෙන් නිවැරදි මග අසා දැනගැනීම
2. සද්ධර්ම ශ්‍රවණය
සංදීට්ටික වූ අකාලික ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීම
3. යෝනිසෝ මනසිකාරය හෙවත් අයෝනිසෝ මනසිකාරයෙන් තොරවීම
තමා විසින් කරනු කියනු ලබන සියලු දෙය සිහියෙන් යතුව කිරීම
4. ධම්මානුධම්මපටිපදාව
ශ්‍රවනය කරනු ලැබූ ධර්මයට අනුරූපව මෙනෙහි කිරීම හා ක්‍රියා කිරීම
එසේම ඔවුන් නිර්වාණයේ එළිපත්තට පැමිණ සිටී. ඔවුන්ට අපායේ දොරටු සඳහටම විවර නොවේ. නිර්වාණය මෙම ආත්මයේදී හෝ තව ආත්ම 3 කින් හෝ 7 කින් අනිවාර්යෙන්ම අවබෝධකරගත හැක. මනුෂ්‍ය දේව ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල වසති. සෝවාන් වු තැනැත්තා කිසිම අකුසල ක්‍රියාවක නොයෙදෙයි. බුදුසමයේදී ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් දස දහස් ගණනක් සොවාන් ඵලයට පැමිණියහ. බුද්ධශාසනයේ අවසානය තෙක්ම යහපත් පුද්ගලයෝ සංයෝජන 3 විනාශ කර සෝවාන් ඵලයට පැමිණීමට උත්සාහ කරති. එසේ උත්සාහ කරන්නන්ට මෙම භාවයේදී සෝවාන් වීමට නොහැකි වුවද ඔවුන් ඊළඟ භවයේදි වඩා යහපත් උපනිස්සය කර්මයක් සහිතව උපත ලබා වඩා ප්‍රඥාවන්ත වේ. මෙම මාර්ගයේ ගමන් කිරීමට පංචශීලය, සතර බ්‍රහ්ම චර්යාව අනුගමනය කළ යුතුය. සෝවාන් ඵලය යනු අවබෝදයක් වනබැවින් ඒ සඳහා බොහෝ ශිල සමාදානයන් අවශ්‍ය වන්නේ නැත. ඉහත සඳහන් සංයෝජන 3 දුරුකල ඕනෑම අයෙකුට සෝවාන් ඵලයට පැමිණිය හැක. සොවන්මගට පැමිණි ශ්‍රුතවත් ආර්ය ශ්රාවකයා අනවරතයෙන්ම පංච දුෂ්චරිතයෙන් වෙන්ව වාසය කරයි.
▪️සෝතා පත්ති ඵල සිත
සෝතාපත්ති මාර්ග සිතට අනතුරුව 2 ක් හො 3 ක් ව ලැබෙන්නා වු මේ ඵල චිත්තයෝ ද ඒකාන්තයෙන් ම නිවන අරමුණු කොට ඇත්තා වූ ලෝකොත්තර ‘සිත් වූයේ වී නමුත් කුසල් නොවෙති.
ආනන්තරික සමාධිය අකාලික විපාකය යයි කියනු ලබන මේ විපාක අව්‍යාකෘත ධර්මයෝ වෙති .මේ ඵල ච්ත්තයෝ කුණු කසල දවා අලු කොට ..උණුසුම නිවීමට පැන් කල දෙකක් හෝ තුනක් වත් කිරීමක් මෙනි .මාර්ගයෙන් නසන ලද කෙලෙස් ඇති එම සන්තානයෙහි සන්සිදිම් වශයෙන් උපදනා බැවින් පටිප්පස්සද්ධි ප්‍රහාණිය යයි කියන ලද සන්සිදිම කරමින් ඉපිද නිරුද්ධ වීමෙන් පසු චිත්ත සන්තතිය නැවත භවාංග වේ . මේ සෝවාන් ඵලස්ත ආයර්ය පුද්ගල තෙමෙ ධ්‍යානලාභී නම් මරණින් මතු කාම භූමියෙහි නෝ ඉපිද ලබන ලද ධ්‍යනයට අනුව රූපා රූප භූමීන්හි පටිසන්ධිය ලබා එහිදී ම ඉතිරි මාර්ග ඵල ලැබිමෙන් පිරිනිවන් පාන්නේ ය .
.ලෞකික ධ්‍යාන නො ලැබු විදර්ශනා වඩා මාර්ගයට පැමිණි ශුෂ්ක විදර්ශක සෝවාන් පුද්ගලයෝ තිදෙනෙකි.
1. ඒක බීජ සෝතා පත්ති පුද්ගලයා –-එක් වරක් පමණක් කාම් භවයෙහි ඉපිද අර්හත්වය ලබා නිවන් දකී .
2. කොලංකොල සෝතාපත්ති පුද්ගලයා — ද්වර සිට සයවර දක්වා කාම භවයන්හී ඉපිද අර්හත්වයට පැමිණ නිවන් දකී.
3.සත්තක්ඛත්තු පරම සොතාපත්ති පුද්ගලයා —සත් වරක් කාම භවයන්හි ඉපිද අර්හත්වයට පැමිණ නිවන් දකී .. මේ ශුෂ්ක වදර්සශකයා විසින් ලබන්නාවු මාරගය ඒකාන්තයෙන් ම ප්‍රතම ධ්‍යානයට සමාන වූ ව්තක්ක විචාර පීති සුඛ එකග්ගතා යන ධ්‍යානාංග පසකින් යුත්ත වන්නෙ ය . එහෙයින් ශුෂ්ක විදරශ කයාට හෝ සමථ යානිකයාට හෝ නෝ මිදෙන්නේ මැයි ..
▪️සෝවාන් මාර්ගය සහ ඵලය
සෝවාන් මාර්ගයට පැමිණීම යනු මම මේ භයේදීම සෝවාන් වෙමි යන දැඩි අධිශ්ටානය හා විශ්වාසය ඇතිකරගනීමයි. සෝවාන් ඵලය යනු ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්ව ත්‍රිවිද සංයෝජන ප්‍රහීන කොට සෝතාපන්න වීමයි (නිවැරදි අවබෝධයට පත්වීමයි.)
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood