Temples of Sri Lanka

හඳුනාගත්තොත් ඔබ මා ….

කිසිදා කිසිවෙකුට පෙර පෙරළා දැමිය නොහැකි රාජ්‍යය …

ඒ ගෞතම බුද්ධ රාජ්‍යයයි .

ලෝකයේ කලින් කලට බලසම්පන්න රජවරු බිහිවෙනවා. අතිශය බලසම්පන්න ශක්තිමත් රාජධානි බිහිවෙනවා. ඒ රජවරුන් යටතේ ජීවත්වන වැසියන් රජුගේ රාජධානියේ ශක්ති සම්පන්න භාවය කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය නිසා. රජු රටත් තමනුත් සියලු බියෙන් නිදහස් වී සුරක්ෂිත ව වාසය කරන බව හිතනවා. එහෙත් එය හුදු සිතිවිල්ලක් ම පමණක් ම බව සහතික කරමින් ලොව එදාමෙදා තුර බිහි වූ සෑම ප්‍රබල රජ කෙනෙක්ම සෑම ප්‍රබල රාජධානියක් ම නැසී වැනසී ගියා. සතුරන් පරදවා ජය කෙහෙළි නැංවූ රජවරුන් පවුරු ප්‍රාකාර දිය ගල් සහිත වූ සුරක්ෂිත රාජධානි ඉදිකළ ඉදිකල රජවරුන් ස්වකීය දේශය පරසතුරු උවදුරු වලින් සහ බිය තැති ගැනීම් වලින් සහමුලින්ම නිදහස් කොට ගත් බවට උදම් ඇනූ රජවරුන් කිසිවෙකුටත් අඩුම තරමේ තම ජීවිතයේ වත් බිය තැති ගැනීම්වලින් පරාජයට පත් වීමේ අවදානම නිදහස් කර ගන්නට හැකි වුණේ නැහැ.

ශක්ති සම්පන්න භාවය නිසාම හටගත් බලකාමය නිසා ඇතැම් රජවරුන් රටවැසියන්ගේ සුඛිත මුදිත භාවය වෙනුවට ස්වකීය බලපරාක්‍රමය සමාජය මත පතුරුවා හැරීම සිදු කරන්නට යෙදුනා. එයින් තම බලය ස්ථාවර වන බවක් ඔවුන් සිතුවත් පීඩිත පිරිස් විසින් සෑම අවස්ථාවකදීම එවන් නොපනත්කම් පිටුදකිනු ලැබුවත් එවැනි රජුන් සහ එසේ නො කටයුත්තෙහි යෙදීම පිණිස බලය යොදා ගත් රාජධානි ඉතිහාසයේ බොහෝ අවස්ථාවල හිටිහැටියේ මැකී ගොස් තිබෙනවා. එසේ සිදුවන්නේ ශක්ති සම්පන්න යැයි මතුපිටින් පෙනෙන අසීමිත බල පරාක්‍රමය කින් යුතු යැ යි මතුපිටින් පෙනෙන රාජ්‍ය තන්ත්‍රය තුළ බිය සැක තැතිගැනීම කායික මානසික පීඩාවන් ඒ සියලු බල වත්කම් අබිබවා ඉස්මතු කෙරෙන නිසයි .බිය සැක දුරු කරන සංසිඳීම ඇති කරවන පාලන තන්ත්‍රයක් ලෝකයේ බිහි නොවන තාක් කල් ඒ සියලු පාලනය යම් මොහොතක ජනතාව අතින් ම ප්‍රතික්ෂේප වනවා. එසේ නොවුණහොත් ඉතා පහසුවෙන් පරසතුරු ආක්‍රමණයන්ගෙන් ගොදුරක් බවට පත් වෙනවා

මේ කාරණා සියල්ලෙන්ම විනිර්මුක්ත වූ සියලු බිය තැතිගැනීම් දුරු කරන්නා වූ සංසිඳීම සුඛිත මුදිත භාවයම තිර කරන්නා වූ යම් රජකෙනෙක් ලෝකය බිහි වෙනවා නම්, ඒ තමයි ලෝකයේ යහපත පිණිසම බිහිවන රජු.

ඔහු යටතේ බිහිවන රාජධානිය තුළ ද්වේෂයට ඉඩක් නැහැ වෛරයට ඉඩක් නැහැ අසත්පුරුෂ කමට ඉඩක් නැහැ ඒ රජුත් රාජධානියත් නිර්මාණය වී තිබෙන්නේ අනුත්තරීය වූ සත්පුරුෂ භූමියේ එනිසාම ඒ නිසාම එකී රාජධානියේ වැසියෙක් වන්නට වාසනාව ලබන්නා මේ ලෝකයේ පරම උත්තම රැකවරණය සලසා ගන්නවා. එවන් රජෙකු හෝ එවන් රාජධානියක් හෝ නසා වනසා දමන්නට විනාශ කරන්නට මේ ලෝකේ කිසිවෙකුට බැහැ . එවන් රජ කෙනෙකුගේ සොඳුරු ආඥාදායකත්වය කලින් කලට වෙනස් වන්නක් නොවෙයි ඒ වගේම කලෙක දී යහපත වර්තය සලසා කලකදී අයහපත අනර්ථය සලසන්නක් ද නොවෙයි. දිවා රැයේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේදීම එකී ආඥාදායකත්වය ස්වකීය ජීවිතය මෙහෙයවන බලවේගය බවට පත් කරගන්න වුන්ට අනුවමය වූ යහපත අනුවමය වූ යහපත ම සලසා දෙනවා.

එවන් රජ කෙනෙකු කෙසේ පරදවන්නද
එවන් රාජධානියක්කෙසේ බිඳ වට්ටවන්න ද එවන් කෙනෙකු හෝ එවන් රාජධානියක් කුමක් නිසා නම් නෙරපා හරින්න ද
එවන් රජ කෙනෙකුගේ යටත් වැසියකු වන්නට හැකිනම් අප කිසි කිසිදිනක පරාජයට බියට තැති ගැනීමට පත් වන්නේ නැහැ. ඒ අසම වූ අසම සම වූ විපුල වූ අනුත්තරීය වූ රාජධානියත් රජු අදටත් ජීවමාන ය කියා අපට පැවසුවොත් සත්පුරුෂ ධර්මය අධිපති බව ඇතිව සත්පුරුෂ ධර්මය ම ඇසුරු කරමින් සත්පුරුෂ ධර්මය තුළ පිහිටුවමින් පතුරුවා හරින ආඥා චක්‍රය කින් යුතු වූ කිසිවකුට පරාජය කළ නොහැකි පෙරළා දැමිය නොහැකි ඒ අධිරාජ්‍ය වැසියෙක් වන්නට ඔබටත් ඉඩක් හිමිව ඇති බව අප පැවසුවොත් …

“ඒවං බුද්ධං සරණංතානං
ධම්මං සංඝං ච භික්ඛවෝ
භයං වා ඡම්භිතත්තංවා
ලෝමහංසෝ න හෙස්සතී’ති.”

මෙසේපින්වත් මහණෙනි සම්බුදු රජුන් හා උතුම් සිරි සදහම් ද ශ්‍රාවක සඟරුවන ද සිහි කරන විට ඔබ හට බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමු ඩැහැ ගැනීමක් නොවන්නේ ම ය.
( ධජග්ග සූත්‍රය)

ලෝකයේ එදා මෙදා තුර බිහිවූ නොබිඳිය හැකි අභියෝග කොට ජය ගත නොහැකි මහා රාජධානිය නම්, ඒබුද්ධ රාජ්‍යමය. මිනිසෙකුට තබා දෙවියෙකුට බබෙකුට මාරයෙකුට වත් පරදවා ලිය නොහැකි මහරජුන් නම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මයි.ඒ ශ්‍රේෂ්ඨ රජුගෙ ශ්‍රේෂ්ඨ වූ රාජධානිය දේශ සීමා ජාති බේද වර්ණභේද ගිහි පැවිදි භේද ස්ත්‍රී පුරුෂ භේදය කිසිවකින් කිසි ලෙසකින් කැබලි වන්නේ නැහැ.

ඒ එකම බුද්ධ රාජ්‍යයක්වත් ඒකීයභාවය කිසිවිටෙක බිඳී යන්නේ නැහැ .ඒ ධර්මරාජ වූ සම්බුදුරජාණන් සම්බුදු රජාණන් වහන්සේ ස්වකීය රජු ලෙසත් එම හානිය වූ ධර්මරාජ ස්වකීය රාජධානිය ලෙසත් පිළිගන්නා අයකු කවර මොහොතක වත් කවර හේතුවක් නිසා වත් බෙදී වෙන් වී සිටින්නේ නැහැ. බුද්ධ රාජ්‍යයේ ඒකීයත්වය තුළ සම්බුද්ධ රාජධානියේ ශ්‍රේෂ්ඨත්වය තුළ ඔවුන් තමන්ගේ රැකවරණය පිළිබඳ නිසැක බවට පත්වනවා. එවන් පිරිසකට තමා ආරක්ෂාව භාර දෙනු වස් රජ කෙනකු සොයා ගන්නට හෝ රාජධානිය ගොඩනගන්නට තවත් වරනයන් කිසිසේත් උවමනා වන්නේ නැහැ. ඒ හැම කෙනෙකුටම උවමනා පවිටු බලවේගයන් හමුවේ මේ රාජධානිය සුරක්ෂිත කර ගන්නා වූ ආරක්ෂකයන් පමණයි. එසේ ආරක්ෂකයන් වන්නේ දහම අනුදකින දහමේ හැසිරෙන දහමේ ආරක්ශකයින් පමනයි.

සියලු බෞද්ධයන් ඒකරාශී විය යුත්තේ ඒ නායකත්වය වටාමයි. දෙව් මිනිස් ලෝකයා හමුවේ තිලින දී තිබෙන පරිද්දෙන්ම ඒ දම් රජාණන් වහන්සේගේ ධර්මය ම ඇසුරු කරගෙන ධර්මයට ම සත්කාර ගරුකාර කරමින් ධර්මයටම පුද පූජා පවත්වමින් ධර්මයම දඩයක් ලෙස තබා ගනිමින් ධර්මය ම කොතක් ලෙස ලෙස තබා ගනිමින් අධිපති භාවයට පත්කර ගනිමින් සිව්වනක් පිරිසට ධාර්මික රැකවරණය සලසා දෙනවා. අපමණ කයකින් මේ දුර්ලභ මනුස්ස ජීවිතය ප්‍රභාවත් කරමින් අප්‍රමාදීව විජය දජ ඔසවමින් ඒ ධර්ම රාජයාණන් වහන්සේගේ සම්බුද්ධ රාජ්‍යය තුළ නිවී සැනසෙන්නට අපට දුර්ලභ වූ භාග්‍යය උදා වේවා…

උතුම් සම්බුදු බුද්ධ රාජා නමාමි!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X