Temples of Sri Lanka

සෙන් උපමා කතා 01

පිරිතෙහි නැවුම් වෙනසක්

වියෝ වූ තම බිරිඳගේ මතකයන්ගෙන් ශෝකයට පත් ගොවියෙක් ,මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් සජ්ඣායනයක් කර පින් වඩන්නයි , ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියේය.

පිරිත් සජ්ජායනය අවසාන වීමෙන් පසු ගොවියා තෙරණුවන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්නයක් විචාලේය.

තෙරණුවන් වහන්ස, මෙයින් මගේ බිරිඳට පින් ලැබෙයි කියා ඔබවහන්සේ හිතනවාද..?

ටෙන්ඩායි තෙරණුවන්ගේ පිළිතුර වූයේ , “ඔබේ බිරිඳ ට විතරක් නොවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලු සචේතනික සත්වයන්ටම පින් ලැබෙනවා යන්නයි ”

මේ වදනින් වික්ෂිප්ත වූ ගොවි මහතා, නැවතත් තෙරණුවන් වෙතින් කියා සිටියේ ,සචේතනික සත්ත්වයන්ට ම මෙයින් සෙත සැලසෙනවා කියා ඔබ වහන්සේ කීවාම ඒක මගේ හිතට හරි මදි වගේ .මගේ බිරිඳ දුර්වල අයෙක්.ඉතින් අනෙක් අය මේ පින් අරන් ශක්තිමත් වුණොත් ,ඒක ඇයට අවාසියක් වේවි. මේකෙන් ලැබෙන වාසිය මාගේ බිරිඳට විතරයි ලැබෙන්න ඕනෑ. ඒ නිසා කරුණාකර, නැවත ඇයට විතරක් පිරිත් ටිකක් කියන්න. ගොවියා ඉතාමත් දුක්බර ලෙස ඉල්ලා සිටියේය .

තෙරණුවන් ඔහුට මෙසේ පහදා දුන් සේක ..

බෞද්ධයා ගේ අභිලාෂය විය යුත්තේ, කිසිම වෙනසක් නැතිව සෑම සචේතනික සත්වයකුටම එක සේ පින් පැමිණවීම යි.

මෙසේ පහදද්දී ද, නැවතත් ගොවියා ගේ අවසන් ඉල්ලීම වූයේ …..

ඒක ඉතා හොඳයි. ඒත් එක පුංචි වෙනසක් කරන්න බැරිද මං වෙනුවෙන්…

මගේ අසල්වැසියා මට හරියට හිරිහැර කරනවා. ඒ හින්ද මේ සියලුම සචේතනික සත්වයන් අතරින් එයාව විතරක් වත් අයින් කරන්න බැරි වෙයිද …? යන්නයි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X