Temples of Sri Lanka

සෙන් උපමා කතා – 02

හිත් කම්පිත කල ගුරු දෙසුම

බන්කෙයි නම් සෙන් ගුරුතුමා රට රටවලින් තමාගෙන් දැනුම ලබා ගැනීමට පැමිණි විවිධාකාරයේ ගෝලයින් පිරිසකට, ධර්මය ගැන කියා දෙමින් හා භාවනා ක්‍රම පුහුණු කරමින් සිටියේය.

මේ විවිධාකාර ගෝලයින් අතර, එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදු වී සිටියේය.

එක් එක් අවස්ථාවන්හි දී තමන් සතු යම් යම් දෑ නැති වූ හෙයින්, අනෙක් ගෝලයන් ඒ ගැන තම ගුරුතුමාට ද පැමිණිලි කළ අවස්ථා තිබිණි .

එක් එක් අයගේ පැමිණිලි පිළිබඳව එකින් එක විමසීමට ලක් නොකළ ගුරුතුමා,සොරකම් කිරීමේ පුරුද්ද අත්හළ යුතු එකක් යැයි පොදුවේ සියලු දෙනාටම අවවාද කිරීමට කටයුතු කලේය.

නමුත් සොරකම නතර වූ පාටක් නම් නොවීය.

මේ නිසාම ගෝලයින් ද විමසිල්ලෙන් පසුවූ නිසාම, සොරකම අතටම අල්ලා ගැනීමට වැඩිකල් නො ගියේ ය .

මෙසේ සොරා අතටම අල්ලා ගැනීමෙන් පසු ඔහුව ගුරුතුමාට ඉදිරිපත් කිරීමට අනෙකුත් සිසුන් පෙළඹුණු අතර මොහු පන්සලෙන් පන්නා දැමීමට කටයුතු කරන ලෙස ද ඔවුන් එක හෙලාම ඉල්ලා සිටියහ.

එහෙත් මෙම ගුරුතුමා ඔහුට අවවාද කළා මිස වෙනත් කිසිදු පියවරක් සඳහා යොමු වූයේ නැත .

සොරකම එතෙකින් නිමා නොවීය.

මේ පිළිබඳව ඉවසීම ඉක්මවා ගිය අනෙකුත් ගෝලයෝ, සොරා පන්සලෙන් නෙරපා නොදැමුවහොත්, තමන් සියලු දෙනාම එක්ව මෙම පන්සල හැර වෙනත් ගුරු තුමකු සොයා යන බවට ඔවුන් සියලු දෙනාගේම කැමැත්ත ඵල කර, ඉදිරිපත් කරන ලද අත්සන් සහිත පෙත්සමක් ගුරුතුමා වෙත ඉදිරිපත් කරමින් එකවරම කියා සිටියහ.

ගුරුවරයා මේ අවස්ථාවේදී මෙලෙස පියවර ගත්තේය

හෙතෙම සියලු සිසුන් රැස් කළේය.

චෝදනා ලැබූ ශිෂ්‍යයා ද ඇතුළත්ව සියලුම දෙනා රැස්කරමින්, කාටත් ඇසෙන සේ පෙත්සම කියවීමට එතුමන් කටයුතු කළේය.

අනතුරුව මෙසේ ගෝලයන් ඇමතීය .

ඔබ සියලු දෙනාම බොහොම හොඳ මට්ටමේය. ඔබ හැමදෙනාම හොඳ සහ නරක යන හැම දෙයක් ගැනම හොඳින් දන්නා අයයි. ඒ නිසා ඔබ හැමදෙනාටම ඕනෑම තැනක ගොස් ඕනෑම ගුරුවරයෙකුගෙන් ඉගෙන ගැනීමේ හැකියාව මනාවට ඇත.ඒත් මේ ගෝලයාට එහෙම නෑ. ඔහු අඩු තරමින් සොරකම නරක දෙයක් බව වත් නොදැනයි සිටින්නේ .
ඒ නිසා ඔහුට හොඳ නරක කියා දෙන්න ඉන්නෙ මං විතරයි . ඔහු යහමගට ගැනීම මගේ පරම යුතුකමක් .ඒ නිසා කැමති අයට මෙතැනින් ඉවත්ව යන්න පුළුවන්.

ලෙස ගුරුවරයා හඬ අවදි කළේය .

පුදුම සහගත ලෙස දෑස් දල්වාගෙන සොරකමට අච්චු වූ ගෝලයා, ගුරුතුමා දෙස බලා සිටියේය.

දෑසින් වැටෙන කඳුලු කැට නැවත් වීමට ඔහු අපොහොසත් විය.

පැලපදියම් වූ සොරකමට ඇති ආශාව එකෙනෙහිම අතුරුදහන් වී ගියේය .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X