Temples of Sri Lanka

නුවණැත්තා ගේ තේරීම…

පුද්ගලයාගේ සමාජයේ යහපත සඳහා කය වචනය සංවර කර ගත යුතුයි එය ශීලය නමින් හඳුන්වමු ශීලයේ ප්‍රධාන අංශ දෙකකි එනම් …

විරමනය

සමාදානය

කායික හා වාචසික ක්‍රියාවන්ගෙන් වැළකීම විරමණය වන අතර පන්සිල් අටසිල් දසසිල් තුළින් මෙය ඉටු වෙයි.

හිතකර වැඩදායී යහපත් අංශයේ යෙදීම සමාදානය වේ.

බොරු බොරුකීමෙන් වැළකීම (විරමණය) වන අතරම සත්‍ය වචන කථා කිරීම (සමාදානය) ලෙස හඳුන්වමු .

සිල්වත් තැනැත්තා අප්‍රමාද වීමේ හේතුවෙන් ධනය වැඩි කර ගනී කරගනී සිල්වන්ත වන්නා ධනවත් වීමට හේතුවක් වේ මත්පැන් වලට හුරුව පුද්ගලයා ධනය හානි කර ගනී කරගනී රෝගාබාධ ඇති කර ගනියි කරගනී කායික මානසික ශක්තිය මෙන්ම මුදල් කාලය නිකරුණේ වැය කරයි මත්පැනින් වෙන් වූ සිල්වත් පුද්ගලයෙකුට මෙසේ අනවශ්‍ය වියදම් නැත ඒ උදාහරණයයි .

සිල්වත් තැනැත්තාගෙන් හොඳ නම සමාජයේ පැතිරෙයි පැතිර සොරකම වංචාව අල්ලස දූෂණය බොරුව කේලම පහත් ක්‍රියා ය පන්සිල් රකින සිල්වත් පුද්ගලයා ඉහත කී දුර්ගුණ වලින් වෙන්වී යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගා ගත හැක්කේ යහපත් ගුණධර්ම ජීවිතයට සම්බන්ධ කර ගත් අයකුට පමණි.

සිල්වත් පුද්ගලයා සිහිනුවණින් යුතුව මිය පරලොව යයි එසේම මරණින් පසු හොඳ තැනක උපත ලබයි මානසික සංවර්ධනය ලැබූවෝ මරණයට බිය නොවෙති ජීවිතය ජීවිතය අවසානය දක්වාම සිහියෙන් කටයුතු කරති .

ශීලය සමාධියට මග පෙන්වයි මගපෙන්වයි ශීලය හා ප්‍රඥාව සම්පූර්ණවීමෙන් පුද්ගලයාට ප්‍රඥාව ලැබිය හැකිය හැකිය මේ අනුව ශීලය පුද්ගලයාගේ භෞතික දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවටද හේතු වෙයි.

ශීලය නිසා සමාජයේ දියුණුවට හේතුවන ආකාරය …

පුද්ගලයාට ජීවත්වීමේ අයිතිය ලැබේ

වධහිංසා වලින් තොරව ජීවිතය ගත කළ හැක

පොදුවේ හා පෞද්ගලික දේපළ පරිහරණය කළ හැකිය

හිරිහැර කරදර වලින් තොරව පවුල් ජීවිත ගත කළ හැකිය

සත්‍යය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වේ

පංචශීලය හා එහි වැදගත්කම පිළිබඳව කථා කරද්දී පංචශීලය බෞද්ධයාගේ නිත්‍ය ශීලයයි. බෞද්ධයකු තම ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා පංචශීල ප්‍රතිපදාවෙන් කය වචනය සංවර කර ගත යුතුයි. පන්සිල් ආරක්ෂා කරගන්නා තමාටත් අනුන්ටත් සමාජයටත් කරදරයක් සිදු නොවේ. එසේ වූ විට සමාජයෙන් තමාට ද හිරිහැරයක් සිදු නොවේ.

පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයා යනු සමාජ අයිතිවාසිකම් පහක් ආරක්ෂා කරන්නෙකු මෙන් ම පස් පව් නම් සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් වෙන් වූවෙකි. පංචශීලය රකින්නා පස්පව් වල යෙදෙන්වළක්වයි .එසේම පසු පව් වල අනුසස් කියා දී නිසි මගට යොමු කෙරේ. පන්සිල් රකින ජීවිතය මෙලොව පරලොව වශයෙන් සුගතිගාමී වෙයි

නුවණැත්තෝ අනුමත කරන හොඳ ගති පැවතුම් ඇති ජීවිතය සදාචාර ජීවිතයයි. බුදු දහමෙන් පුද්ගලයකු සදාචාර සම්පන්න කිරීමට ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව වෙත යොමු කෙරේ. ශීලයෙන් කය වචනය සංවර කර ගැනීම ද සමාධියෙන් සිත එක කර ගැනීම ගැනීම ද ප්‍රඥාවෙන් නුවණ දියුණු කර ගැනීම ද සිදු කෙරෙයි. සසර දුක් නැති කොට එදිනෙදා ජීවිතේ ගැටලු විසඳා ගැනීමට හා නිර්වාණ අවබෝධයට ත්‍රිශික්ෂාව උපකාරී වෙයි. නිවන් මගෙහි පළමු වැනි පියවර වන්නේ ශීලයයි.

කාය වාචානං සමෝධානං ශීලං

ශීලය යනු කය වචනය දෙක සංවර බවයි.

ගිහි සිල් – බෞද්ධයන් ගේ නිත්‍ය නිත්‍ය ශීලය වූ පන්සිල් හා අටසිල් වෙයි .

පැවිදි සිල් – සාමණේර දසසිල් හා උපසම්පදා ශීලය පැවිදි සිල් වෙයි

පුද්ගලයන් තුළ පවතින ලෝභ දෝෂ මෝහ කෙලෙස් යටපත් වන්නේ ශීලයෙන්. සිල්වත් පුද්ගලයාට ශීලය විවිධ ගැටලු විසඳා ගැනීම පහසු වේ. තමාගෙන් අන්‍යයන්ට හානියක් සිදු නොවන අතර අන්‍යයන්ගෙන් සිල්වතාට ද හානියක් සිදුනොවේ. සීලවන්තයා සමාජ හිතකාමී වන අතර මේ නිසාම කීර්ති ප්‍රශංසා ඔහුට ලැබේ.

ශීලයෙන් හික්මුණු පුද්ගලයාගෙන් සමාජයට කරදර හිරිහැර නොවේ. ශීලවන්තයා තුළ කරුණාව මෛත්‍රිය ආචාරශීලී බව වැනි ගති පැවැත්මක් නිසා සිරිත් විරිත් වැඩිදියුණු කරයි. ශීලවන්තයින් නිසා තමන්ට මෙන්ම සමාජයට යහපතක් ම සිදු වේ. කෝපය තණ්හාව වෛරය වැනි කෙලෙස් සීලය නිසා තාවකාලිකව යටපත් වන අතරම සමාධි ශික්ෂණයෙන් කෙලෙස් නැති වන අතර ප්‍රඥා ශික්ෂණයෙන් සියල්ල දුරු වී සසර දුක් නැති කොට නිවන් මග ගමන් කර ගැනීමට හැකි වන්නේ ශීල වන්තයාට මය.

යහපත් පුද්ගලයකු බිහි කිරීම පමණක් නොව යහපත් සමාජයක් බිහි කිරීම බුදු දහමේ අරමුණයි .බුදුන් වහන්සේ කුසල් ක්‍රියා රාහුල හිමියන්ට හඳුන්වා දුන්නේ එසේ තමාට යහපතක් සිදුවන අනුන්ට ද යහපතක් සිදුවන කායික වාචසික මානසික ක්‍රියා අකුසල් ක්‍රියා ලෙසයි. බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පන්සිල් තුන් අයුරින්ම ආරක්ෂා කළ යුතු බව බුදුන් වහන්සේ ධම්මික උපාසකතුමාට දේශනා කළ සේක .

තමා වරදින් ඈත්වීම, අන්‍යයන් වරදට නොපෙලඹවීම, අනුන් කරන වැරදි අනුමත නොකිරීම, විරමනය හා සමාදානය, තමන් උපමා කොට අනුන් ගැන සිතීම ,අධිපති ධර්ම සංකල්ප අනුව සිතීම යන මේ මගින් සදාචාරවත් සමාජයක් බිහි කිරීමට උපකාරී වන කරුණු ලෙස ද සඳහන් කළ හැකිය .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X