Temples of Sri Lanka

සෙන් උපමා කතා – 03

ප්‍රීතිමත් චීන මිනිසා සහ උර මල්ලේ කතාව

චීනයේ විතරක් නොවෙයි ඇමරිකාවේ චීන නගරයක වීථියක ඇවිදගෙන යන ඕනෑම කෙනෙකුට දක්නට ලැබෙන ඉතා සුන්දර දර්ශනයක් ගැනයි මේ කතාව.

ඒ, උර මලක් කරේ දමාගෙන සිටින මිටි මහත අයෙකුගේ පිළිමය.මේ පිළිමයට චීන වෙළෙඳුන් හඳුන්වන්නේ, ප්‍රීතිමත් චීන මිනිසා හෙවත් “සිනාසෙන බුදුපිළිමය” කියලයි.

ඉතා පුරාණයේ, එහෙමත් නැත්නම් චීනයේ ටෑන් රජ කාලයේ,මේ විදිහේ පෙනුමක් ඇති “හොටෙයි” ජීවත් වුණා.ඔහුට ඕන කමක් තිබුනේ නැහැ ,තමා සෙන් ගුරුවරයෙක් ලෙස පෙන්වන්නට සහ හඳුන්වන්නට .ඒ වගේ ම ගෝලබාලයන් පිරිවරාගෙන ඉන්නත් ඔහුට වැඩි කැමැත්තක් තිබුනේ නැහැ.

ඒ නිසාම ඔහු කළේ , ලොකු මල්ලක් කරේ දමාගෙන වීදි දිගේ එහාට මෙහාට ඇවිද්ද එක.

මේ ලොකු මල්ලේ තිබුනේ රසකැවිලි, පලතුරු , වැනි දේවල්. මේවා ඔහු වීදි දිගේ සැරිසරන විට ඔහු වටා සෙල්ලම් කිරීමට රොක් වන ළමයින්ට බෙදා දුන්නා.හරියටම වීදි ළමයින්ගේ බාලාංශ පන්තියක් වගේ.

සෙන් බැතිමතෙකු දුටු හැම විටම ඔහු ඔවුන්ට අතපා “මට පැන්සයක් දෙන්න” යයි ඉල්ලා සිටියා.

එක් අවස්ථාවකදී ඔහු ළමයින් සමග සෙල්ලම් කරමින් සිටියදී , සෙන් ගුරුවරයකු ඔහු ඉදිරියට ඇවිත් ඔහුගෙන් මෙහෙම අහනවා .

“සෙන් දහමේ අරුත කුමක්ද ?”

මේ පැනයට ඔහු ගෙන් ලැබුනේ නිහඬ පිළිතුරක් .

හොටෙයි එකවරම ඔහුගේ උර මල්ල බිම දැම්මා ..එයයි ඔහුගේ පිළිතුර වූයේ …

ඊළඟට තවත් අයෙක් තවත් ප්‍රශ්නයක් අහනවා …

“ඒක ක්‍රියාවට නංවන්නේ කොහොමද ?”

එයටත් ලැබුනේ නිහඬ පිළිතුරක් …

එකෙණෙහි ම ඒ ප්‍රීතිමත් චීන මිනිසා මල්ල උරයට ගෙන ඔහුගේ ගමන යන්නට පටන් ගත්තා …..

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X