Temples of Sri Lanka

ප්‍රීතිමත් චෝකෝර් දුචෙන් දිනයක් වේවා!

 

ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්තයේ, බුද්ධගයා පින්බිමේදී සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බරණැස ඉසිපතනාරාමයේ දී චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ව සම්මා සම්බුදුරජාණන් විසින් සිදු කළ මංගල ධර්ම දේශනාව ටිබෙට් ජාතික බෞද්ධයන් මෙන්ම වජ්‍රයාන බෞද්ධයන් විසින් අද වැනි දිනක සමරනු ලබයි.

ප්‍රථම ධර්ම දේශනාවෙහි කාලවකවානු නිර්ණය කිරීම සම්බන්ධයෙන් පාලි සහ සංස්කෘත සම්ප්‍රදායන් අතර ඇති පැහැදිලි වෙනස්කමක් මෙහිදී ඉස්මතු වෙයි.
බුදුරජාණන් වහන්සේගේ අසීමිත වූ කරුණාව පෙරදැරි කර ගනිමින් උන් වහන්සේ විසින් කෙනෙකුට දුක නැතිකර ගනිමින් අර්ථවත් සහ ප්‍රීතිමත් ජීවිතයකට ගමන් කල හැකි ආකාරය පැහැදිලි කර දුන් අතර එය ‘නිර්වානය’ යැයි නම් කරන ලදී. බුදුරජාණන් වහන්සේ ආගමික නායකයෙකු , ආගමික නිර්මාතෘවරයෙකු සහ අසම සම ප්‍රඥාවකට හිමිකම් කියන්නකු ලෙස ලෝක සත්ත්වයාගේ ගෞරවයට පාත්‍ර වෙයි. අයහපතෙන් යහපත ජයගැනීම පිණිස නොයෙක් ආගම් විසින් ත්‍රිශූලය සහ චක්‍රය වැනි ආයුධ වල සංකේත භාවිතා කරන විට උන්වහන්සේගේ දේශනාව වූයේ කරුණාවෙන් මෛත්‍රියෙන් සහ දයාවෙන් යහපත ජයගත යුතු බවය.

ප්‍රීතිමත් චෝකෝර් දුචෙන් දිනයක් වේවා!

සහෝදරත්වයෙන් එක්වෙමු !

©Buddhist Brotherhood

You might also like
en English
X
X