Temples of Sri Lanka

සිත නිවී සැනසෙන භාවනා

භාවනා යන වචනයෙහි තේරුම දියුණු කිරීම වර්ධනය කිරීම සහ සිත දියුණු කර ගැනීම සිත සංවර කර ගැනීම භාවනා කිරීම යනුවෙන් අදහස් කරනවා

 

ඈත අතීතයේ ඉඳන්ම පෙරදිග රටවල ජනතාව විවිධ භාවනා ක්රම පුරුදු පුහුණු කළ බවට සාධක තිබෙනවා වර්තමානයේ ලෝකය පුරා බොහෝ රටවල භාවනාව පිළිබඳව නව උද්යෝගයක් ඇති වී තිබෙන බවත් අපට පෙනී යනවා.
මේ උනන්දුවෙන් පෙනෙන්නේ ම පෙරටත් වඩා වර්තමානය තුල මිනිසාට භාවනාව අවැසි බවයි ඒ නිසා භාවනා ගැන නිරවුල් අවබෝධයක් ලබාගැනීමට බෞද්ධයන් වශයෙන් අප තුළ විශේෂ උනන්දුවක් තිබිය යුතුයි
භාවනාවට බුදුදහමේ ලැබී තිබෙන්නේ සුවිශේෂී ස්ථානයක්… භාවනා ක්රම දෙකක් ගැන බුදු දහමෙහි ඉගැන්වෙනවා .

 

                                                    සමථ භාවනාව සහ
                                                    විදර්ශනා භාවනාව 
යනු එම භාවනා දෙවර්ගයයි.
සමථ භාවනාවෙන් සිත එකඟ කර ගන්නට පුළුවන් ප්රථම ධ්යානය ආදී ධ්යාන ලබා ගැනීමට සමථ භාවනාව ඉවහල් වෙනවා සිතේ හටගන්නා අපිරිසිදු කල්පනා යටපත් කර දැමීමට එයින් පුළුවන් සමථ භාවනාව සඳහා යොදාගත හැකි අරමුණු හතළිහක් දහමෙහි හඳුන්වා තිබෙනවා

 

මේවා කර්මස්ථාන නමින් හඳුන්වනවා මෙයින් එක කර්මස්ථානයක් තෝරා ගෙන එහි නිරන්තරයෙන් යෙදීමෙන් භාවනාවක් කරන්නට පුළුවන් සිත එකඟ කර ගැනීම එතරම් පහසු කාර්යයක් වන්නේ නැහැ එය ටිකෙන් ටික ක්රමානුකූලව ලබාගත යුතු හික්මීමක් සංවර වූ සිත මිනිසාට බොහෝ ප්රයෝජනවත්

 

සංවර වූ තම හිත මවුපියන්ටත් නෑදෑයින් ටත් වැඩියෙන් යහපතක් තමාට සිදු කරන බව බුදුරජාණන් වහන්සේ වදාළා සියලු යුද්ධ සිතෙහි මුලින්ම හටගනිත් ඇයි කීමෙහි වරදක් නැහැ යුද්ධ නැවැත්වීමටත් සිතම මුල් කොට ගත යුතු බව එයින් කියැවෙනවා සමථ භාවනා ක්රම බෞද්ධ අබෞද්ධ කාහටත් පොදු යි එමගින් වැඩිපුර ලැබෙන්නේ ලෞකික ප්රතිඵලයක්
විදර්ශනා භාවනාව බුද්ධ ධර්මයට පමණක් විශේෂ වූ භාවනා ක්රමයක් විදර්ශනා යන්නෙහි තේරුම විශේෂයෙන් බැලීමයි විශේෂයෙන් බැලීම යනු.. ලෝකයෙහි හා මිනිසාගේ සැබෑ ස්වභාවය ගැන ගැඹුරින් හා ඉතා සියුම් ලෙස සිතා බැලීමයි විදර්ශනා භාවනාවෙන් දෙයාකාරයක ප්රතිඵල ලැබෙනවා එදිනෙදා ජීවිතයට ප්රයෝජනවත් ලෞකික ප්රතිඵල එක කොටසක් අනෙක් කොටස බුද්ධ ධර්මයෙහි මිනිසාගේ විමුක්තිය වශයෙන් පෙන්වා දෙන නිවන අවබෝධ කරගැනීමට මඟ පාදා දීමයි
එය ලෝකෝත්තර ප්රතිඵලයයි සමථ භාවනා කරන්නාට ද ඒ භාවනාවෙහි ම පිහිටා සිට විදර්ශනා වැඩීමෙන් නිවන් සුවය කරා එළඹීමට හැකියාව තිබෙනවා

 

මෙම භාවනාවන් අවශ්ය බව බොහෝ දෙනා පිළිගත්තත් භාවනා කිරීම සම්බන්ධයෙන් වැරදි මත රාශියක් ඇතැම් අය අතර පැතිර තිබෙනවා මේවා ගැන යම්තම් හෝ දැනීමක් අප තුළ තිබෙන්නට ඕන භාවනාවෙන් යහපත් ප්රතිඵල ලබා ගන්නට පුළුවන් වන්නේ එවිටයි
භාවනා කිරීමට වෙන්කරගත යුතු විශේෂ දින ,විශේෂ තැන්, හා විශේෂ අවස්ථා තියනවා යි සමහරු කියනවා එසේම ඇතැම් ඉරියව් ඒ සඳහා පුරුදු කරගත යුතු යැයි ද යැයිද සමහරුන්ගේ අදහසයි එදිනෙදා වැඩ කටයුතු වලින් බැහැර නොවී භාවනා කිරීමට හැකියාවක් නැතැයි සිතන අයත් මෙහි වෙනවා භාවනා කිරීම ළමයින්ට හෝ යෞවන යෞවනියන්ට සුදුසු නැති වයසක අයට පමණක් සුදුසු ආගමික කාර්යයක් යැයි සිතන්නෝ ද බහුතරයක් සිටිනවා

 

මෙම අදහස් මෙසේ ම අනුමත කිරීමට නොහැකියි. පොහොය දිනය වැනි විශේෂ දිනයක හෝ නිහඬ ස්ථානයක භාවනා කිරීම පහසු බව ඇත්තක්. එහෙත් භාවනා කිරීමට පොහොය දිනයක් ම අවශ්ය වන්නේ නැහැ. නිහඬ ස්ථානයක්ම සොයා යා යුතු ද වන්නේද නැහැ .පර්යංකයෙන් හිඳගෙන භාවනා කිරීම සුදුසු බව විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ආනාපානසති භාවනාව සති භාවනාව සඳහායි.ඒ හුස්ම ගැනීමට ඒ ඉරියව්ව අපහසු නිසාත් වඩා ලේසියෙන් සිත එකඟ කරගත හැකි නිසාත්ය.
එහෙත් පලක් බැඳ නොගෙන කළ හැකි භාවනා රාශියක් තිබෙනවා පලක් බැඳ ගැනීමට අපහසු කමක් ඇති අයකුට ආනාපානසතිය වුවත් වෙනත් පහසු ඉරියව්වකින් සිට කිරීමට හැකියි.

 

දිනපතා ටික වේලාවක් හෝ භාවනා කිරීමෙන් එදිනෙදා ජීවිතයට ලැබෙන්නට පුලුවන් ප්රයෝජන රාශියක් තිබෙනවා

 

එක අරමුණක සිත තබාගෙන සිටීමට පුරුදු වීම නිසා සිතේ ඇති වන නොයෙකුත් වැරදි අදහස් නරක සිතුවිලි ක්රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා සිත විවිධ අදහස් නිසා විසිර යෑම වැළකී යනවා මෙය ඉගෙනීමේ කාර්යයක යෙදෙන ශිෂ්යයකුට අවධානයෙන් යුතුව පාඩම කරගෙන යෑමට ඉතාමත් පහසුවක්

 

පොත අතට ගත් පසු නොයෙකුත් සිතුවිලි සිතට නැගෙන විට පාඩම මතක නොසිටින බව ඔබ හොඳින් දන්නා කරුණක් නොයෙකුත් දේ සිතමින් ගණනක් සෑදීමට ගියත් නිවැරදි උත්තරය ලබා ගැනීම සඳහා කෙතරම් අපහසුද ..
භාවනාවට පුරුදු වී සිත සංවර වූ ශිෂ්යයාට මේ බාධක නැහැ ඒ නිසා ඉතා හොඳින් පහසුවෙන් හා ඉක්මනින් යමක් මතකයේ රැඳෙනවා ආනාපාන සති භාවනාව පුරුදු කළ ශිෂ්යයන් විභාගවලින් පහසුවෙන් සමත් වූ බවත් ඊට භාවනාව හේතු වූ බවත් අප හමුවේ එන සත්ය කරුණක්

 

යෞවනයින්ගේ හිත් බොහෝ සෙයින් කලබලකාරීයි.
ඒ නිසා ඔවුන් එකට එක කිරීමට ගුටි බැට හුවමාරු කර ගැනීමට ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙන අවස්ථා බොහෝයි එහෙත් භාවනා කිරීමේ පුරුද්ද ඇති යෞවනයෙකු ට සිත පාලනය කර ගත හැකි නිසා ඔහු එවැනි කරදරවලට පැටලෙන්නේ නැහැ
බලාපොරොත්තු වූ දෙයක් නොලැබීම විභාගයකින් අසමත් වීම වැඩිහිටියෙකු විසින් තරවටු කරනු ලැබීම වැනි සාමාන්ය කරුණක් නිසා දිවි හානිකර ගැනීමට පවා අපේ රටේ තරුණ තරුණියන් ඉක්මන් වූ අවස්ථා ගැන අප කොතෙකුත් අසා ඇති
ලොව පවත්නා කිසිවක් ස්ථිර බවක් නැත යනුවෙන් අනිත්ය ගැන වැටහීමක් ලබා ගත් තරුණයෙකු හෝ තරුණියක් නම් විභාගයකින් අසමත් වීම කැමති දෙයක් නොලැබීම තරවටු කරනු ලැබීම හෝ තම අදහසට දෙමාපියන් එකඟ නොවීම දිවි හානිකර ගැනීමට තරම් බරපතල ප්රශ්නයක් ලෙස කිසිසේත් දකින්නේ නැහැ

 

අධික රුධිර පීඩනය වැඩිහිටියන් අතර සුලබ රෝගයක් අධික රුධිර පීඩනයෙන් සහනය ලැබීමට ආනාපානසති භාවනාව සති භාවනාව පුරුදු කිරීමෙන් පුළුවන් බව දැන් බටහිර රටවල පවා වෛද්යවරුන් රෝගීන්ට දෙන උපදේශයක්
ආනාපාන සති භාවනාවෙහි යෙදීමෙන් රුධිර පීඩනය සාමාන්ය තත්ත්වයට පත්වන බව වෛද්ය පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා පිළිකාව මාරාන්තික රෝගයක් පිළිකා රෝගීන් මෛත්රී භාවනාවෙහි යෙදීමෙන් සුවය ලැබූ අවස්ථා වාර්තා ගතවෙලා තිබෙනවා භාවනා කිරීම බොහෝ රෝග සුව වීමට ඉවහල් වන ප්රතිකාර ක්රමයක් බව වර්තමාන වෛද්ය විද්යාවෙන් පිළිගැනෙනවා.
ශිෂ්යයන්ට යෞවනයින්ට වගේම වැඩිහිටියන්ටත් භාවනා කිරීම එදිනෙදා ජීවිතය වඩාත් සුවදායී කරගැනීමට හේතුවක් වන බව ඉහත දැක්වූ කරුණු කරුණු වලින් ඔබට පැහැදිලි වෙයි…සියල්ල ම භාවනාවේ ලෞකික ප්රතිඵල ලෙස ගන්නට පුළුවන්
සිතේ ඇති කෙලෙස් යට පත් වීමත් යටපත් වූ කෙලෙස් සිතෙන් සම්පූර්ණයෙන් බැහැර වීමත් භාවනාවෙන් සිදු වන නිසාම නිවන් මග කරා ක්රමයෙන් ගමන් කිරීමට ඉන් අවස්ථාව උදාවෙනවා.. එය භාවනාවේ දී ලැබෙන ලෝකෝත්තර ප්රතිඵලයක්…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X