Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 16

අස්සෝ යථා භද්‍රෝ කසානිවිට්ඨෝ – ආතාපිනෝ සංවේගිනෝ භවාථ
සද්ධාය සීලේන ච විරියේන ච – සමාධිනා ධම්මවිනිච්ඡුයේන ච
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා – පහස්සථ දුක්ඛමිදං අනප්පකං
තමන්ගේ ප‍්‍රමාදයෙන් කසපහර වැදුණට පස්සේ ආජානීය අශ්වයා තව තවත් වීරියවන්ත වෙනවා. අන්න ඒ වගේ ඔබත් මේ සංසාරය ගැන කළකිරිල, කෙලෙස් නැතිකරන්ටමයි වීරිය ගන්ට ඕනෙ. ශ‍්‍රද්ධාවන්තව, සිල්වත්ව, සමාධියෙන් යුක්තව විදර්ශනා ප‍්‍රඥාවෙන්මයි තීරණ ගන්ට ඕනෙ. අවබෝධයයි, හැසිරීමයි එකක් වෙන්ට ඕනෙ. හොඳට සිහි නුවණ පිහිටුවාගෙන, මේ මහා සසර දුක නැතිකරලා දාන්න.

 

(ජේතවනාරාමයේදී පිලෝතික තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X