Temples of Sri Lanka

ආරෝග්‍යමත් ජන්ම දිනයක් මහනායක හිමියනි !

මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ධූරන්දර, ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාව සහ මහා විහාරයේ ද භාරකාරිත්වයෙහි තැන්පත් එමෙන්ම ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය, ලේවැල්ල ගංගාරාම රාජමහා විහාරය, රිදීගම කුඹුරුලෙන රජමහා විහාරය, වැලිගල රජමහා විහාරය, පනලිය රජමහා විහාරය, කවිසිගමුව උදලුපොළ පුරාණ විහාරය, හිඳගල රජමහ විහාරය, පෙරියකඩු රජමහ විහාරය, දෙල්දෙනිය රජමහ විහාරය, කුරුවාලෙන රජමහ විහාරය, යක්ගිරිලෙන රජමහ විහාරය, මොරතිහ ශ්‍රී සිද්ධාර්ථාරාමය, මඩිතියාව ශ්‍රී සුමංගලාරාමය ඇතුළු විහාර ගණයෙහි විහාරාධිපති ධූරීන, මිචිකෝ – ඉතෝ පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සමූහයෙහි නිර්මාතෘ සහ අධ්‍යක්ෂක තැන්පත්, කුඹුරුලෙන ශ්‍රී සිද්ධාර්ථ මහ පිරිවෙනෙහි හා ඓතිහාසික මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙණෙහි පරිවේණාධිපති, ඓතිහාසික මහනුවර උපෝෂිත පුෂ්පාරාම උභය විහාරාධිපති, තිබ්බටුවාවේ සංඝ පරම්පරානුයාත, ත්‍රෛලංකාතිලකායමාන අතිගෞරවාර්හ ආචාර්ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක හිමිපාණන් වහන්සේ හට නිදුක් නීරෝගී චිරජීවනය සැලසෙමින් තව චිරාත් කාලයක් ලෝ සසුන් වැඩවසන්නට දීර්ඝායු වේවායි පතමු !

බෞද්ධ සහෝදරත්ව පදනම

You might also like
en English
X
X