මොකක්ද මේ මෝහය කියන්නේ…
ඔබ දැන ගත යුතුම දෙයක් පහදා දීමටයි මේ උත්සාහය.මෝහය යනු කුමක්ද කුමණ හේතුවක් මත යමෙකු තුල මෝහය උපදිනවාද? මෝහය නිසා ඔබට ඇතිවන අයහපත කුමක්ද? හා මෝහයෙන් මිදීම සදහා ඔබ කුමක් කල යුතුද?
කියා පැහැදිලි කිරීමට මෙමගින් බලාපොරොත්තු වෙනවා
කුමක්ද මේ මෝහය කියා යමෙකු ඔබෙන් විමසුව හොත් ඔබ දිය යුතු පිළිතුර වන්නේ මෝහය යනු අවිද්‍යාව , මෝඩකම,ලොකු කම,උද්දච්ච,මාන්නය කම වැනි පිළිතුරක් වනු ඇත. මෙම මෝහය සහ මුලින්ම ප්‍රහාණය වන්නේ අරහන්ත ඵලයේදී පමණක් බව ඔබ හොදින් තේරුම් ගත යුතුවේ . මෝහය ඔබ තුල ක්‍රියාත්මක වන බව දැක්වීමට පහත උදාහරණ කීපය දෙස බැලීමේදී ඔබට හොදින් වටහා ගත හැක.
සමහර දෙමාපියන් ඔවුන්ගේ හිතවතුන් සමග මෙසේ කියනවා ඔබ හොදින් අසා ඇත.මගේ පුතා ඩොක්ටර් කෙනෙක් අහවල් හොස්පිටිල් එකේ ලොක්ක, අපේ දුව අහවල් බැංකුවෙ එකවුන්ටන් වගේ ප්‍රකාශ හා තවත් මව්වරුන් අපේ පුතා ඉගෙන ගන්නෙ ඉංග්‍රීසි මාධ්‍ය එයාට හොදට ඉගෙන ගන්න පුළුවන් වැනි ප්‍රකාශ කරනු ලබන්නේම තමා තුලවූ මෝඩකම, උද්දච්චකම, ලොකු කම අනුන්ට පෙන්වීමට බව හොදින් තේරුම් ගන්න .
තවත් සමහර අය අපි මේ ළඟදි වාහනයක් ගත්ත මෙච්චර මිළක් වෙනව ,අපේ අහවලා ගාව තියෙන්නෙ මහ පරණ වාහනයක් යන යන තැන කැඩෙනව.අපේ පුතා මේ ළඟදි කොළඹින් ගෙයක් ගත්ත බර ගානක් වෙනව ආදී පංපෝරි කියන්නේම තමාගේ ලොකු කම අනුන්ට පෙන්වීමට වන අතර , එසේ කරනා සෑම අවස්ථාවකම තමුන් මේ සංසාර දුක් පැවැත්මට හසුවන බව ඔහුන් නොදන්නේම මෝහය නිසා බව හොදින් කල්පනා කරන්න.
තවත් සමහරෙක් තමුන්ගේ ඡායාරූප අන්තර් ජාලයට මුදාහැර තමාගේ වාහන ,තමුන් ගන්නා ආහාර ,තමුන්ගේ ඇඳුම් විලාසිතා ,සහභාගි වන උත්සව අන් අයට පෙන්වීමට උත්සාහ කරන්නේත් ඔවුන්ගේ ලොකුකම අන් අයට ප්‍රදර්ශනය කර පහත් ආශාවක් ඉෂ්ඨ කර ගැනීමේ චේතනාවෙන් බව ඔබ හොදින් තේරුම් ගන්න . ඔබේ දේවල් රටේ අයට වැදගත් නොවන බව ඔබ හොදින් තේරුම් ගන්න .රටේ ලෝකෙ අයට වැදගත් වන දෙයක්,ඉගෙන ගත හැකි දෙයක් ඉදිරිපත් කිරීම කිසිම ගැටළුවක් නොමැති බව ඔබ හොදින් තේරුම් ගන්න . එසේ නොමැතිව ඔබේ ලොකුකම අන් අය වෙත පෙන්වීමෙන් ඔබ සංසාර දුක් පැවැත්මට හසුවන බව ඔබ අමතක නොකරන්න. කොටින්ම කියනවා නම් මෝයය යනු යම් දෙකක් හෝ කීපයක් පිළිබඳව සංසදනය කිරීම බව ඔබ හොදින් තේරුම් ගන්න .
මේවා මා පෙන්වා දෙන්නේ මේ ජාතියේම නිවන් දැකීමට උත්සාහ කරන අයගේ දැනගැනීම සදහා පමණක්ම වන අතර තමුන්ගේ ලොකුකම්,උද්ව්ච කම් ප්‍රදර්ශනය කර සතුටුවී මීළඟ උපතේ ප්‍රේතයෙක් වීමට උත්සාහ කරන අයට මෙවැනි ලිපි වලංගු නොවන බව ඔබ හොදින් අවබෝධ කර ගන්න.
මේ මෝහය නිසාම ඔබ තුල රාගය හා ද්වේශය ඇතිවන බව ඔබ හොදින් තේරුම් ගත යුතුවේ .ඔබ තුල මෝහයක් ඇතිවන සෑම අවස්ථාවකම ඔබ මරණානුස්සති හා බුද්ධානුස්සති භාවනා වැඩීම තුලින් ඔබ තුල සමුදය බිහිවීම වළක්වා ගත හැකි බව මා ඉතා පැහැදිලිවයි පෙන්වා දෙන්නේ
ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood