Temples of Sri Lanka

සෙන් උපමා කතා – 07

පනිට්ටුවේ අඩිය නැතේ
වතුරෙ තිබූ හඳත් නැතේ

හොඳින් සඳ පායා ඇති සුන්දර රාත්‍රියක ,චියෝනෝ භික්ෂුණිය උණ ලීයක බැඳගත් පරණ පනිට්ටුවකින් වතුර ගෙන එමින් සිටියාය.

කෙටි දුරක් යත්ම උණ දණ්ඩ කැඩී පනිට්ටුව බිම වැටිණි.පනිට්ටුවේ අඩිය ද ගැලවී ගියේය.

ක්ෂණයකින්ම චියෝනෝ ගේ සිත විමුක්ත විය.සතුට හා මුසු කරමින් එය දකින්නට පෙලඹුනු ඇය, ප්‍රීතියට පත් වී මෙසේ උදම් ඇනුවා ය .

උණ බම්බු වයි – පනිට්ටු වයි

වතුර ටිකයි – හඳ එළියයි

දහස් නැණින් – උපා යොදා

රැකගන්නට – දිරි දැරීමි

පනිට්ටුවේ – අඩිය නැතේ

වතුරෙ තිබූ – හඳත් නැතේ

උණ බම්බුව – දිරාපත්ව

මේ සියල්ල – වැනසී ගොස් …

ලෙසින් පවසමින් යතා තත්වයට සිනා සරින් මුහුන දුන්නීය….

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X