Browsing Category
Dhammapada
The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 05
භද්‍රෝ’පි පස්සති පාපං – යාව භද්‍රං න පච්චති
යදා ච පච්චති භද්‍රං – අථ භද්‍රෝ භද්‍රානි පස්සති
කරගත්තු පින් විපාක නොදී තියෙන කල් විතරයි ඒ පුද්ගලයාට පාඩුව පේන්නේ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පිනේ හැබෑ ස්වභාවය අඳුනගන්නේ.…
The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 04
පාපෝ’පි පස්සති භද්‍රං – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ පාපෝ පාපානි පස්සති
කරගත්තු පව් විපාක නොදී තියෙන කල් විතරයි. ඒ පුද්ගලයාට ඒ පව් ලස්සන දෙයක් වගේ පේන්නෙ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පව්වල හැබෑ ස්වභාවය ඒ පාපී…
The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 03
පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ
යම්කිසි පුද්ගලයෙක් ශ‍්‍රද්ධාවෙන් යුක්තව, සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නෙ ඒ පිනමයි. පින් කිරීම ගැනමයි හිතේ…
The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 02
පාපං චේ පුරිසෝ කයිරා – නං තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්දං කයිරාථ – දුක්ඛෝ පාපස්ස උච්චයෝ
යම්කිසි පුද්ගලයෙක් නො තේරුම්කමකින් සිත, කය, වචනය කියන තුන් දොරින් යම් පවක් කළොත්, ආයෙ ආයෙමත් නම් ඒ පාපය කරන්ට එපා. එබඳු පව් ගැන හිතේ කැමැත්තක්වත්…
The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 01
අභිත්ථරේථ කල්‍යාණේ – පාපා චිත්තං නිවාරයේ
දන්ධං හි කරෝතෝ පුඤ්ඤං – පාපස්මිං රමතී
මනෝ දාන, සීල, භාවනා ආදී යහපත් පින්කම් ඉක්මනට කරගන්නට ඕනෙ. ඒ වගේම පාපයෙන් හිත වළක්වගන්ටත් ඕන. ඕනකමක් නැතුව, පමා වෙවී පින් කරගන්ට ගියොත්, තමන්ටත් නොදැනීම පව්…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 16
යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං ධම්මමුත්තමං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ ධම්මමුත්තමං
යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ නො කොට අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 15
යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං අමතං පදං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ අමතං පදං
යම් කෙනෙක් ඒ අමා නිවන අවබෝධ නොකොට, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා ඒ අමා නිවන අවබෝධ කරගෙන, එක දවසක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී කිසාගෝතමී අරභයා වදාළ…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 14
යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං උදයව්‍යයං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ උදයව්‍යයං
යම් කෙනෙක් පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත්, නැතිවීමත් විදර්ශනා ප‍්‍රඥාවෙන් නොදැක, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිමින් එක දවසක්…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 13
යෝ චේ වස්සසතං ජීවේ – කුසීතෝ හීනවීරියෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – විරියමාරභතෝ දළ්හං
යම් කෙනෙක් නිවන් මගේ හැසිරෙන්ට උත්සාහයක් නැතිව, සමථ විදර්ශනා වඩන්නට වීරියක් නැතිව, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, දැඩි වීරියකින් යුක්තව, සමථ විදර්ශනා…
The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 12
යෝ ච වස්සසතං ජීවේ – දුප්පඤ්ඤෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පඤ්ඤවන්තස්ස ඣායිනෝ
යම් කෙනෙක් ප‍්‍රඥාවකුත් නැතිව, චිත්ත සමාධියකුත් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, ප‍්‍රඥාව ඇති කරගෙන සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක…