Browsing Category
News
සිරි දළදා වන්දනා
මහනුවර දළදා මාළිගාවෙහි වැඩ සිටින දළදා වහන්සේ අපගේ උතුම්ම පූජා වස්තුවයි .
ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන කොට සලකනු ලැබෙන මෙම උතුම් වූ වස්තුව අපට උරුම වූයේ මහසෙන් රජතුමා ගෙන් පසු ලක්දිව රජ පදවියට පත් වූ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ…
ඒ ශ්‍රේෂ්ඨ නායකයාණෝ බුදුන් වහන්සේ ය
බුදුන්වහන්සේ උපන්නේ මනුෂ්‍යයන් අතර යි වැඩුණේ මනුෂ්‍යයන් අතර යි එහෙත් උන් වහන්සේ මනුෂ්‍යයන් තුළ පැවති කෙළෙස් කුණු තවරා ගත්තේ නැහැ උන් වහන්සේ තමන් පියුමක ට උපමා කොට දැක්වූයේ ඒ නිසයි ජලයේ හටගෙන ජලයෙහි නොගැටී උඩට මතු වී සිටින්නාක් මෙන් තමන්…
දැහැමි ජීවිතය ආභරණයක්
මනසින් උසස් සත්වයකු ලෙස මිනිසා සිතා විමසා බලා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඉන්ද්රිය දමනය කර ගැනීම අවශ්‍යමයි. බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම් වල ඇති විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීම නම් පළමුවෙන් පුද්ගලයා ධාර්මිකත්වය අගය කළ යුතු ය.…
සිල් රැකීමේ අනුසස් විඳිමු
සංසාර දුකින් තමන්ද මිදී සෙස්සන් ද මුදාලනු කැමැති බෝධිසත්වවරුන් විසින් යාචකයන්ට කරුණාව මූල්ව යම් දානයක් දෙනු ලැබේ ද එය ඉතා විශිෂ්ටයි.
තමාගේ ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය පමණක් පතා දෙන දානය මධ්‍යමයි. ලෞකික සැප පතා දෙන දානය හීනයි .එබැවින්…
අප සොයන නිවනින් සැනසෙමු
සංසාරේ වසන, කෙලෙස් සහිත පුහුදුන් තැනැත්තෙකුට සසරින් එතරවීමෙන් ලබන කෙලෙස් රහිත වු දුක්ඛ නිරෝධය හෙවත් නිවන යනු කුමක්දැයි කියාදීම පහසු කටයුත්තක් නොවේ. එය ඉඳිබුවා මාළුවාට පොකුණෙන් එතෙර ඇති ගොඩබිම ගැන කියා දීමට සමානයි.
නිවන යනු බුද්ධාදී…
බෞද්ධ සන්නිවේදනයේ කලාව
සන්නිවේදන විෂය පිළිබඳ කතා කරද්දී බෞද්ධ සන්නිවේදන ඉතිහාසය ගැන කිසිසේත් අමතක කළ නොහැකියි. ලෝකයේ මහා සන්නිවේදකයාණන් අපගේ බුදු රජාණන් වහන්සේ යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් ද නොවේ.
අද අප සන්නිවේදන විෂය ආශ්‍රිතව සාකච්ඡා කරන බොහෝ සිද්ධාන්ත -…
දෙව්ලොව සැප ලබමු
දාන මාන ආදී කාමාවචර පින් වලින් මිනිස් ලොව ද දෙව් ලොව ද මහත් සැප සම්පත් ලැබෙන බව තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද කාරණාවක්.
මිනිස් ලෝකයේ චක්‍රවර්ති රජකු විඳින සැප සම්පත් දෙව්ලොවෙහි පහත්ම පෙළේ දෙවියකු ලබන සැපතට වඩා හීනයි. මෙයින්…
උතුම් වප් පුන් පොහෝදා අදයි
සෑම මාසයකට ආවේණික සුන්දරත්වයක් ලැබී ඇත. එම සුන්දරත්වය පාරිසරික වෙනස්කම් අතින් මෙන් ම එම මාසයට වැදගත්කමක් ලබා දෙන පොහොය දිනයෙන් ද ලැබෙනු ඇත. ගමයි පන්සලයි යා කෙරෙන පිංකම් රැසක් අතරින් මහානිසංස දෙන පිංකමක් ලෙස කඨින මහා පිංකම හැඳින්විය හැකියි.…
මාතා පිතු උපට්ඨානං
බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති උච්චරේ
අහුණෙය්‍යාච පුත්තා නං
පජාය අනුකම්පකා
අග මුල හා පරක් තෙරක් නොපෙනෙන මහා සයුර සේ, මවගේ පියාගේ ගුණ ලඝු කොට ගණනය කොට සීමාකොට දැක්විය නොහැකියි.
ශාන්ති නායක තිලෝගුරු අමාමෑනී බුදුරජාණන්…
අකුසලෙහි ආදීනව
ආහාරපාන සොයමින් නිතරම ඒ මේ අත දිව ඇවිදින්නෝ ප්‍රේත යන වචනයේ එක් අර්ථයකි ඔහු කිහිප වර්ගයක් ඇත.
බුප්පි පාසිකා නමින් හැඳින්වුණු ප්‍රේතයන්ට ඉතා විශාල හිසක් සහ දිවක් ඇත එහෙත් කෙස්ගසක් බඳු ඉතා සිහින් බොහෝ උස ශරීරයක් ඇත ඔහු නිතරම සාපිපාසා…